Sunday, December 8, 2019

Beast Quest books

මම කුඩා කාලයේ සිට ම විවිධ පොත් පත් කියවීමට ඉතාමත් ම දැඩි ආශාවක් දැක් වූ අතර එය මාගේ සිත තුළ අලුත් අත්දැකීම් බොහෝමයක් ඇති කිරීමට ද සමත් විය.මෙම පොත පත කියවීම මම කුඩා කාලයේ සිට ම ඉතා ප්‍රයෝජනවත් විනෝදාංශයක් බවට ද පත් කර ගත්තෙමි.  ඒ අනුව මා විසින් පුස්තකාලය තුළ කාලය ගත කරන විට මගේ සිත දිනා ගැනීමට සමත් වූ එක් ස්විශේෂී වූ වටිනා පුස්තකයක් පිළිබඳ ව මෙලෙස සඳහන් කරමි.  එම ග්‍රන්ථය වනුයේ 'Beast Quest'නම් වටිනා ඉංග්‍රීසි වීර කතා මාලාවයි.මෙහි දී මවිසින් පරිශීලනයට ලක් වූ 'Beast Quest -Series 10'නම් කතා මාලාව ගැන සඳහන් කරමි.      
                                                                                           

Monday, August 19, 2019

මේ නිවාඩු කාලයයි

ඉහත ග්‍රන්ථය මා විසින් කියවා නිම කරන ලද අති උත්කර්ෂවත් වූ ඉතාමත් ම අලංකාර ළමයින්ට සහ වැඩිහිටියන්ට ද ඉතා ම වැදගත් වන වර්තමානයට සරිලන අයුරින් රචිත ඉතා වටිනා පුස්තකයකි.ඒ වගේ ම මෙම ග්‍රන්ථයේ සඳහන් වන ආත්තම්මා/පොඩි මල්ලිගේ අම්මා/පොඩි මල්ලි/සීයා/අක්කා/විමලි නංගී වැනි අප සැමගේ ජීවිතවලට බොහෝ ම වටිනා ආදර්ශ සපයන චරිත ඉහත මේ නිවාඩු කාලයයි නම් ග්‍රන්ථය අලංකාර කරනුයේ පෙරහැරක් සුන්දර කරමින් ඉතා ගාම්භීර ව ගමන් කරන මහා හස්ති රාජයෙකු විලසින් ය.

අප වසන සූර්ය ග්‍රහ මණ්ඩලය

අප සිටින සූර්ය ග්‍රහ මණ්ඩලය ක්ෂීරපථය නම් මන්දාකිණිය තුළ ඉතාමත් ම චමත්කාරජනක ව පිහිටා ඇත.අප පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයා විසින් අප එළිය වන අතර සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ සිටින විශාලත ම ග්‍රහයා වන බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගත ව භ්‍රමණය වන ගැනිමීඩ් නම් ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ ඇති විශාලත ම උප ග්‍රහයා ය.තව ද බ්‍රහස්පති ග්‍රහයා වටා නියමිත පරිදි කක්ෂගත ව භ්‍රමණය වන තවත් උප ග්‍රහයින් 67 ක් පමණ ඇත.තව ද බ්‍රහස්පති ග්‍රහයා පෘථිවි වර්ෂ 11 ක පමණ කාලයක් ඇතුළත තමා වටා භ්‍රමණය වන අතර එම බ්‍රහස්පති ග්‍රහයා පෘථිවි විෂ්කම්භ 1321 ක පමණ විශාලත්වයකින් යුක්ත ය.අප සිටින අලංකාර විශ්වය තුළ පෘථිවිය හා සමාන තවත් ග්‍රහයන් පවතියි.තව ද අප සිටින පෘථිවියට සෑම අතින් ම සමාන ග්‍රහ වස්තුවක් ගැන මත පළ වී ඇති අතර එය තවත් සූර්යයා හා සමාන ග්‍රහ වස්තුවක් වටා භ්‍රමණය වන බව ද ඇමරිකා නාසා ආයතනය පවසයි.මෑත කාලයක දී අප වසන පෘථිවිය අසළින් එක්තරා ආකාරයක ග්‍රහ වස්තුවක් ගමන් කරන බව විද්වත් මතයයි.තව ද සූර්ය ග්‍රහ මණ්ඩලය ආරම්භය සහ එහි විනාශය පිළිබඳ ව ඉදිරිපත් වී ඇති විවිධ මත අතුරින් ස්ටීවන් විසින් ඉදිරිපත් කළ විද්වත් මත සහ අනාවැකි ඉතාමත් ම ප්‍රධාන ය.



Wednesday, August 7, 2019

The secret seven 8

It is a very adventures and most well-known book.Ms.Enid Blyton was written this book and I most like read this book again and again.I like read some books and it is my very important hobby.I read many well-known,adventures books.some of them are madol duwa,Avengers,The famous five,The secret seven,Sherlock horms etc.

madol duwa



 it is very well-known book in the world.mrs.martin wickramasinghe was wrote a book is madol duwa.I most like read the madol duwa again and again every day.

Thursday, June 13, 2019

presentation


අප්පච්චි ඇවිත්


මෙම ග්‍රන්ථය සිත් ඇඳ බැද තබා ගන්නා වටිනා ග්‍රන්ථයකි.මා කිය වූ ප්‍රියතම ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.ඒ වගේ ම මෙම ආකර්ශනීය ග්‍රන්ථයෙහි ප්‍රධානත ම චරිතය වන නිස්සංකගේ එම රඟපෑම ලොව වටා සිටින සෑම ලොකු කුඩා පාඨකයෙකුගේ ම නෙත් සිත් මෙම ග්‍රන්ථය නිමා වන තුරු ම ඒකීය ලෙස ඇද බැද තබා ගැනීමට පවා සමත් වන අතර එමඟින් මේ අප්පච්චි ඇවිත් නම් ග්‍රන්ථය ද වැඩි වැඩියෙන් චිත්තාකර්ෂණීය කිරීමට ද සමත් වී ඇතැයි මට නිරතුරු ව ම මේ අපූරු ග්‍රන්ථය දකින වාරයක් වාරයක් පාසා සිතෙයි.තව ද මෙම අප්පච්චි ඇවිත් නම් ග්‍රන්ථය තුළින් අපගේ පමණක් නොව ඉහත සඳහන් ග්‍රන්ථය ඉතා හොඳින් කියවා අවසන් කළ සෑම කෙනෙකුට ම බොහෝ ම වටිනා මෙන් ම නිතර ම අන් අයට යහපතක් වන ලෙස ක්‍රියා කළ හැකි සම්පූර්ණ සමාජයට ම වැදගත් හොඳ ගතිගුණ-යහ පුරුදු-සිරිත් විරිත්-ආචාර ධර්ම සහ ජීවිතයකට අත්‍යාවශ්‍ය ම වන ගුණාංග වැනි දෑ රාශියක් එකතු කර ගත හැකි ය.                          
                                                                                                       

Beast Quest books

මම කුඩා කාලයේ සිට ම විවිධ පොත් පත් කියවීමට ඉතාමත් ම දැඩි ආශාවක් දැක් වූ අතර එය මාගේ සිත තුළ අලුත් අත්දැකීම් බොහෝමයක් ඇති කිරීමට ද සමත් විය...